ලස්සනම ඔටුවා තේරීමේ තරගය සෞදියේ



‘ලස්සනම ඔටුවා’ තේරීමේ තරගයක් සෞදියේ රියාද් නුවර පැවැත්වීමට නියමිතය.

එම තරගයට සහභාගී වීම සඳහා ඔටුවන් ලක්ෂ 3 ක් සහ ඔවුන්ගේ හාම්පුතුන් මේ වනවිට සෞදියේ නන්දෙසින් රියාද් නුවරට එක්රැස් වී සිටිති.

ලස්සනම ඔටුවා තේරීම සිදුවන්නේ අබ්දුල්ලාසි රජුගේ අනුග්‍රහයෙන් පවත්වන විශේෂ උත්සවයේදීය. එම උත්සවය මේ මස අගදී පැවැත්වෙයි.

ලස්සනම ඔටුවා ලෙස තෝරා ගැනෙන්නේ ලොම්, ඇස්, කන් සහ ඉතා නිවැරදිව මොල්ලිය පිහිටා ඇති අයුරු අනුවය. හොඳ ‘වංශවත්’ ඔටුවන් පමණක් මෙම තරගයට ඉදිරිපත් කෙරෙන බව පැවැසෙයි.

ඔවුන්ගෙන් වැඩිදෙනා සුදු පැහැතිය.

ස්වභාවයෙන්ම සර්ව සම්පූර්ණ, ඉතා නිරෝගී ඔටුවා තෝරා ගැනීම සිදු කරනු ලබනු ඇත්තේ විශේෂිත විනිසුරු මඬුල්ලක් විසිනි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS