ලබන 14දා වෙනදාට වඩා ලොකු සඳක්



සාමාන්‍ය විශාලත්වයට වඩා වැඩි සහ දීප්තිමත් භාවයෙන් වැඩි චන්ද්‍රයා ලබන නොවැම්බර් 14දින ලෝකවාසි ජනතාවට දැකගැනීමේ අවස්ථාව උදාවේ.

නාසා ආයතනය පවසන්නනේ මෙය වෙනදා දකින චන්ද්‍රයාට වඩා 14% විශාලත්වයකින් පෙනෙන අතර වෙනදාට වඩා 30% දීප්තිය වැඩිවීමකි.

මෙය සිදුවන්නේ චන්ද්‍රයා සහ පෘතුවිය අතර ඇති සමීපතම ස්ථානය වෙත පිවිසීමෙනි. ඒ අනුව පෘතුවිය සදෙහි කක්ෂය වෙත ලංවීම නොවැම්බර් 14දින සිදුවෙයි .

මෙම දර්ශනය උතුරු ඇමරිකාවට උදෑසන (පෙරවරු 8:52 සිට) හොදින් දර්ශනය වන අතර මෙය නැවත දැකගත හැක්කේ 2034 වසරේදි බව නාසා ආයතනය පවසයි.

 

(එන්.බි.සි පුවත් ඇසුරෙන්) ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS