මැදපෙරදිග ආහාර නාස්තිය 32 % ක්



වෙළදපෙළ සමීක්ෂණ සමාගමක් වන යූගොව් සමාගම මැද පෙරදිග රටවල් තුනක් යොදා ගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව එම රටවල 32%ක ප්‍රමාණයක ආහාර නාස්තියක් සිදු කරන බව හෙළි වී ඇත.

එක්සත් අරාබි එමීරය, සෞදි අරාබිය, සහ ඊජිප්තුව යන රාජ්‍යයන් තුල පිහිටා ඇති ආපන ශාලාවන් සමීක්ෂණය සඳහා යොදා ගෙන ඇති අතර පරිභෝජනය කරනු ලබන ආහාර ප්‍රමාණයෙන් 32%ක් ඉඳුල් ලෙස ඉවත් කරන අතර උත්සව අවස්ථාවන් සඳහා පිළියෙල කරනුලබන අමතර ආහාරවලින් 30%ක ප්‍රමාණයක් නාස්ති කරන බව හෙළි වී ඇත. 

අදාල සමීක්ෂණය සඳහා සමීක්ෂණ නිලධාරීන් 1,884 දෙනෙකු එමිරේට්ස් රාජ්‍යයේ (559) ද, සෞදි රාජ්‍යයේ (580) ද, ඊජිප්තු රාජ්‍යයේ (705) ද යොදා ගනිමින් සිදුකර ඇති බව සමීක්ෂණ සමාගම වන යූගොව් සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS