පෘථිවිය බේරාගන්න වීරයකු ඕනෑ



‘ග්‍රහලෝක ආරක්ෂක නිලධාරී’ යන තනතුර වෙනුවෙන් ඇබෑර්තු ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

පිටසක්වළයන්ගෙන් පෘථිවිය ඇතුළුට හෝ සෙසු ග්‍රහලෝකවලට තර්ජනයක් එල්ල වුවහොත්, ආරක්ෂාව ලබා දීම මෙම නිලධාරියාට පැවැරෙන බව නාසා ආයතනය කියයි. මෙය විහිළුවක් නොවන බව ද ඇමෙරිකාවේ නාසා ආයතනය වැඩිදුරටත් පවසා ඇත.

නාසා අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇති අන්දමට ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ තනතුර සඳහා තෝරා ගැනෙන්නේ සැබෑ බුද්ධිමතුන්ය.

ඇමෙරිකානුවන්ට පමණක් නොව සෙසු රටවල දක්ෂයින්ට පවා මෙම රැකියා ඇබෑර්තුව විවෘත බව ද පැවැසෙයි. ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ ධුරය සඳහා තෝරා ගන්නා තැනැත්තාට ඇමෙරිකන් ඩොලර් 1,24,000 ක් අතර 1,87,0000 වැටුපක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.

මෙම ‘පෘථිවි ආරක්ෂක නිලධාරියාට’ පිරිස් පාලනයක් කිරීමට සිදු නොවනු ඇති අතර, දිනෙක පෘථිවියට පිටසක්වළින් ආක්‍රමණයක් එල්ල වුවහොත්, එය වළක්වා ගන්නේ කෙසේදැයි යන්නට සාර්ථක විසඳුම් ලබා දීම කළ යුතු බව ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී.

 (රොයිටර්)


RECOMMEND POSTS