නිව්යෝක් නගර මධ්‍යයේ තිබූ සදාම් හුසේන්ගේ වධකාගාරය



ඉරාකයේ හිටපු ඒකාධිපති සදාම් හුසේන් නිව්යෝක් නගර මධ්‍යයේ රහසිගත භූගත වධකාගාරයක් පවත්වාගෙන ගොස් ඇත. එපමණක් නොව එහිදි වධ බන්ධනවලට ලක්වී මියගිය පුද්ගලයන්ගේ සිරුරු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යොදා ගනිමින් ඇමෙරිකාවෙන් පිටතට යැවූ බවද එහි සේවය කළ පුද්ගලයෝ පවසති.

1979දී බලයට පත්වීමෙන් පසුව සදාම් හුසේන් ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි මැන්හැටන්හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉරාක නිත්‍ය නියෝජිත තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පහත මාලයේ එම වධකාගාරය ඉදිකරවීය. එය නිව්යෝක් නගරාධිපති මිචෙල් බ්ලූම්බර්ග්ගේ  නිල නිවසට ප්‍රතිවිරුද්ධව පිහිටා ඇත. 

මෙම වධකාගාරය ඉතා ශක්තිමත් දොරවල්වලින් යුක්තවූ අතර ඇතුළ රැදවුම් කාමර වලින් සමන්විතව ඇත. මෙම ශක්තිමත් දොරවල් නිසා රැඳවියන්ගේ මරහඩ කිසිවෙකුටත් ඇසුනේ නැත. 

යම්හෙයකින් රැඳවියන් එළියට ඒමට උත්සහ කළහොත් ඔවුන්ට වෙඩිතැබීම සදහා මිලිමීටර් 9 පිස්තෝලවලින් සහ කලෙෂ්නිකොව් රයිෆල් වලින් සන්නද්ධ මුරකරුවන් යොදවා සිට ඇත.

රැඳවියන්ගේ පවුලේ සමාජිකයින් පාලනය කිරීම සදහා හිර අඩස්සියේ පවා තබන ලද අතර හුසේන්ගේ එජන්තයින් විසින් ඔවුන්ව වධ බන්ධනවලට පවා ලක්කර ඇත. 

වධ බන්ධනවලට පුද්ගලයන් භාජනය කළ නිලධාරින් හැඳින්වූයේ මුක්කාහ් බාරත් නිලධාරින් යනුවෙනි. වධ බන්ධනවලට ලක්වන පුද්ගලයන්ගේ  අත්වල සහ කකුල්වල නියපොතු ගලවන්නේත්, හෝස් බට, පිටලෑලී මෙන්ම තඹ කම්බි භාවිතා කරමින් පුද්ගලයන්ට පහර දෙන්නේත් මුක්කාහ්බාරත්ය. 

නම සඳහන් කිරීමට අකැමැති වූ නිලධාරියකු කියා සිටියේ යම්හෙයකින් වධකාගාරය තුළ පුද්ගලයන්  මියගියහොත් ඔවුන්ගේ මෘතදේහ හොර රහසින්ම ඇමරිකාවෙන් පිටකරනු ලබන බවය. මෙම සිරුරු පෙටිටයකට දමා රාජ්‍ය ත්‍රාන්ත්‍රික වශයෙන් එම රජයට සැකයක් නොසිතෙන ආකාරයෙන් නැව් මගින් ඉරාකය වෙත යවා ඇත. එම නිසා මේවා පරීක්ෂා කිරීමට බලයක් කිසිවකුටත් නොතිබිණි.

පුද්ගලයන් වධකාගාරය වෙත ඇදගෙන යෑමට පෙර, මුක්කාහ්බාරත් නියෝජිතයෝ ගොඩනැගිල්ලටවී පුද්ගලයන් එදිනෙදා කටයුතු සදහා පැමිණෙන තෙක් බලා සිටියහ. නිලධාරිනුත් සහතික කර සිටියේ සදාම් හුසේන්ගේ මිනිසුන් වෙනත් රටවලදී  මෙවැනි සහසික ක්‍රියාවල නිරතව සිටි බවයි.

මුක්කාහ්බාරත්ට අවශ්‍ය ඕනෑම පහත් ක්‍රියාවක් ඔහු විසින් සිදුකරන බවත් යම් දවසක සදාම් හුසේන්ගේ කාලයේ සිටි මිනිසුන් මුණගැසීමට අවශ්‍ය වුවහොත් අවසාන මිනිසුන් කීපදෙනා ඔවුන් බවත් තවදුරටත් අදහස් දක්වමින් එම නිලධාරියා කියාසිටියේය.

පහතමාලයේ තිබූ කාමර දෙකකින් එකක් නිලධාරීන් සදහාත් අනිත් කාමරය ඉරාකය සමග අවශ්‍ය සංනිවේදන කටයුත් කිරීමට භාවිතා කර ඇත

මෙම රැදවුම් කාමර සෑදීමට වසර හයකට පෙර මිචෙල් බ්ලූම්බර්ග්, වෝල් ස්ට්‍රීට්හි ආයෝජන බැංකුවක හවුල් කරුවෙක්  විය.  එවකට 31 හැවිරිදි වියේ පසුවූ ඔහු සදාම් හුසේන්ගේ වධකාගාරය තිබූ ස්ථානයට ඉදිරිපසින් පිහිටි නිවස මිලයට ගත්තේය. එහෙත්. සදාම් හුසේන්ගේ කුරිරු පාලන කාලයේ සිරගතකරන ලද, වධබන්ධනයට ලක්කරනලද, බියටපත් කරන ලද පුද්ගලයින් රදවා සිටි   වදකාගාරය තමාගේ නිවසේ සිට අඩි 10ක දුරින් පිහිටා තිබු බව ඔහුගේ අවධානයට යොමුවී නැත. මිචෙල් බ්ලූම්බර්ග් නිව්යෝක් නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ  එකොළොස් වසරක නිලකාලයේ පළමු වසරේදී  (2003දී) සදාම් හුසේන්ගේ පාලනය බිඳ වැටුණි..

ඉරාකය ඇමරිකානු පාලනය යටතට පත්වුණු අතර, සදාම්ගේ නියෝජිතයෝ එහි තිබු කාර්යාල හා  සුරක්ෂිතාගාර කඩා විවෘත කර එහි තිබු සියළුම ලිපිලේඛන, පරිගණක සහ අනිකුත් තොරතුරු අත්පත් කරගත්හ.

ඉරාකය හා තානාපති කාර්යාලය අලුත් කළමණාකරීත්වයක් යටතේ පාලනය වේ. දැන් එහි රැදවුම් කාමර  නැත, එම වධකාගාරය තිබූ ස්ථානය ඇ.ඩො 120,000ක් වැය කර විසිතුරු මුළුතැන්ගෙයක් බවට පත්කර ඇත.

ජානක ජයතිලක

(ඩේලි මේල් ඇසුරෙනි)


RECOMMEND POSTS