දීපිකාගේ හොලිවුඞ් ආගමනය



බොලිවුඩය ජයගත් සුරූපිනී 30 හැවිරිදි දීපිකා පදුකෝන්, හොලිවුඞ් සිනමාවට අවතීර්ණ වීමක් ලෙස සැළකෙන වින් ඩීසල් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ටි්‍රපල් එක්ස්: රිටර්න් ඔෆ් සෙන්ඩර් කේජ්’ චිත්‍රපටය හඳුන්වා දීමට පුළුවනි. 

චිත්‍රපටයේ තමා ‘සෙරීනා’ නමැති චරිතයට පණ දෙන බව දීපිකා ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත. ‘ටි්‍රපල් එක්ස්: රිටර්න් ඔෆ් සෙන්ඩර් කේජ්’ චිත්‍රපටය ජනවාරි 19 වැනිදා ලොව සෙසු රටවල තිරගත වීමට නියමිත අතර, ඉන්දියාවේ පමණක් ඊට පෙර එනම් ජනවාරි 14 වැනිදා තිරගත වීම් ආරම්භ කරන බව දීපිකාගේ ට්විටර් පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

 

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS