ඩොලර් 100 වැටුපට මිනී මරන සිය දිවි නසා ගන්නා අයි.එස්. ළමා හමුදාව



සිරියානු ආණ්ඩුවට විරුද්ධව සටන් කරනු ලබන විවිධ අන්තවාදි ජිහාඩ් සංවිධාන මගින් ළමයින් සොල්දාදුවන් වශයෙන් බදවා ගැනීම් වේගයෙන් ඉහළ යමින් තිබේ. මේ වනවිට සිරියානු අර්බුදය හයවැනි වසරටත් පා තබා ඇත.

සිරියාවේ අල්-කයිඩා බලය පවතින ප්‍රදේශවල සිටින ළමා සොල්දාදුවන්  බදවා ගැනීම සදහා ජාබේට් අල්-නස්රා සංවිධානය 2012 ජනවාරි මාසයේදී පිහිටුවීමත් සමග

සොල්දාදුවන් වශයෙන් ළමයින් බදවා ගැනීම ඉතා ඉහල අගයකින් පැතිර වර්ධනය වී ඇති අතර 2013 වර්ෂයේදී අයි.එස්.අයි.එස් සංවිධානය බිහිවීමත් සමග එම කාර්යය වඩාත් සංවිධානාත්මකව  හා පුළුල් මට්ටමින් සිදුවෙමින් පවතී

දැඩි මතධාරි සංවිධාන දෙකක් ළමයින් බදවා ගැනීම සදහා පුහුණු කදවුරු පිහිටුවීය. මෙහි මූලික අරමුණ වන්නේ දරුවන්නේ දැඩි මතධාරි ආකල්පයන් ඔවුන් තුලට ඇතුල්කර ජිහාඩි සංවිධන සාමාජිකයින් ලෙස බදවා ගැනීමට හා මරාගෙන මැරෙන බෝම්බකරුවක් ලෙස පුහුණු කිරීමයි.

මෙම තත්වය සැලකිය යුතු ආකාරයෙන් වර්ධනය වුයේ ජායිස් අල් ෆතේ කණ්ඩායම 2015දී ඉද්ලිබ්හි වයඹ දිග කොටස අල්ලා ගැනීමෙන් අනතුරුවය. කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඉද්ලිබ් සහ අනෙකුත් ප්‍රදේශවලින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමේ පුරෝගාමියා වූයේ අපකීර්තිමත් සවුදි ඉස්ලාමීය පුජකවරයෙකු වන අබ්දුල්ලා අල්-මුහෙසිනිය.

2013 වර්ෂයේදි, අල්- මුහේසිනි මහා පරිමණයෙන් ළමයින් බදවා ගැනීම අල්ලිබ් නගරයේදී ප්‍රවර්ධනය කල අතර, එහිදී ඔවුන් විසින් ප්‍රචාරක පත්‍රිකා හා ස්ටිකර් මගින් මෙම කාර්ය කරගෙන යන ලදී.  එම ක්‍රමය මගින් ළමයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් බදවාගෙන ඇති බව විශ්ලේෂකයෝ තක්සේරු කරති.

මෙම ළමයින් තුර්කී දේශසිමාවේ ඇති සරණාගත කදුවුරුවලින් පැමිණි දරුවන් වේ. එක් ළමයකුගේ මාසික වැටුප ඇ.ඩො 100 බව සදහන්වේ.

2012 දෙසැම්බර් මාසයේදි, මධ්‍යම සිරියාවේදි ළමා සොල්දාදුවකු විසින් මන්නයකින් සිරියානු නිළධාරියකුගේ හිසගසා දමනා ආකාරය රූපගත කරගැනීමට මාධ්‍යවේදින්ට හැකිවී ඇති අතර අවුරුදු 13 වයසේ පසුවන ළමයින් සිරියානු හමුදාවන්ට විරුද්ධව නැගෙනහිර ගොවුටා කලාපයේ සටන් වදිමන් සිටින බව සවුදි ජයිෂ් අල්-ඉස්ලාම් පෙන්වා දෙයි.


ජානක ජයතිලක

(අල් මස්දාර් නිව්ස් ඇසුරෙනි)


RECOMMEND POSTS