ඩයනා කුමරිය ඒඩ්ස් ගැන ආකල්ප වෙනස් කළ හැටි



80 දශකයේ මැද භාගය වනවිට ඒඩ්ස් රෝගය ලෝකය පුරා විශාල ලෙස පැතිරී යෑම සිදුවු අතර මිනිසුන් භීතියට පත්කිරීමටද සමත්විය.

රෝගය සම්බන්ධව මිනිසුන් තුල පැවති අනවබෝධය සහ වැරදි තොරතුරු ප්‍රචාරය වීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බව පැහැදිලිවම දක්නට ලැබිණි.

HIV / AIDS ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සහ රැකබලාගැනීම සදහා ඉදිකල ප්‍රථම රෝහල් ඒකකය ලන්ඩන් නුවර මිඩ්ල්සෙක්ස් රෝහලේදි ඩයනා කුමරිය අතින් 1987 අප්‍රේල් මාසයේදී විවෘත කරන ලදී.

ලෝක මාධ්‍ය ඉදිරියේ ඒඩ්ස් රෝගයෙන් පීඩාවිදින පුද්ගලයෙකු සමග අත්වැසුම් නොමැතිව අතට අතදීමෙන් ඩයනා කුමරිය මිනිසුන් තුල පවති ස්පර්ශ වීමෙන් ඒඩ්ස් රෝගය වැළදෙනවාය යන දුර්මතයට මරු පහරක් එල්ල කරමින් රෝගයේ ඇති නියම ස්භාවය ලෝකයට පෙන්වා දීම සදහා විශාල දායකත්වයක් ලබා දුන්නේය.

ඒඩ්ස් රෝගයෙන් පීඩි විදින රෝගින්ට අවශ්‍ය ආදරය, කරුණාව ආදිය මෙම ක්‍රියාව තුලින් ලැබෙන්ට පටන් ගත් අතර මිනිසුන් තුල තිබු වැරදි ආකල්පයන් සහ දුර්මතයන්, විශේෂයෙන් බිය සහ නොදැණුවත්කම වෙනස් වන්ට පටන් ගත්තේය.

ඩයනා කුමරිය මිඩ්ල්සෙක්ස් රෝහලේ ඉදිකරන ලද HIV / AIDS රෝහල් ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම සදහා පැමිණි අවස්ථාවේදි පිරිමි හෙද නිලධාරියකු වශයෙන් කටයුතු කල ජෝන් ඕරැලි ඩයනා කුමරිය විසින් සිදුකරන ලද ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් පල කර සිටියේය.

ඒඩ්ස් රෝගයෙන් පීඩාවිදින පුද්ගලයින්ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය. ජානක ප්‍රියදර්ශන ජයතිලක (බිබිසි පුවත් ඇසුරෙන්)

 


RECOMMEND POSTS