ඒකාධිපති මාකෝස්ගේ සිරුර වීරවරයන්ගේ සුසාන භූමියේ



පිලිපීනයේ හිටපු ආඥාදායක ෆර්ඩිනන්ඞ් මාකෝස්ගේ දේහය මැනිලා අගනුවර වීරවරයන්ගේ සුසාන භූමියේ තැන්පත් කර තිබෙනවා.

මෙලෙස ඔහුගේ දේහය එම සුසාන භූමියට රැගෙන විත් ඇත්තේ ජනතා විරෝධය මැද බව සඳහන්.එසේම මෙතෙක් මාකොස්ගේ මළ සිරුර නරක් නොවීම සදහා විවිධ ආලේපන ගල්වා වීදුරු කුටියක තැන්පත් කර තිබුනේ මාකෝසගේ පවුලේ අයගේ මැදිහත්වීමෙනි.



පිලිපීනයේ හිටපු ආඥාදායක ෆර්ඩිනන්ඞ් මාකෝස්ගේ මළ සිරුර එරට වීරයින්ගේ සුසාන භූමියේ වළ දැමීමට වැන්දඹුව වන ඉමෙල්ඩා මාකෝස් ඇතුළු පවුලේ ඥාතීන් උත්සාහ දැරූවද ඊට එරෙහිව ජනතාව පෙළ ගැසුණි. ඒ සම්බන්ධයෙන් එරට උසාවියට යාමට පවා මාකෝස් විරෝධීන් කටයුතු කළේය. එලෙස නඩු විභාගයන් පවතිද්දීම වත්මන් ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටරෙට්, මාකෝස්ගේ දේහය මෙලෙස වීරයන්ගේ සුසාන භූමියට රැගෙන යාම අනුමත කර ඇත්තේ ඔහු අතීත සොල්දාදුවෙකු බව පවසමින්.



දශක දෙකකට වැඩි කාලයක් පිලිපීනයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මාකෝස්ගේ රජය 1986 වසරේදී ජනප්‍රිය විප්ලවයකින් පෙරළා දමනු ලැබුවේ ඇමෙරිකා ඩොලර් බිලියන 10 කට ආසන්න රජයේ මුදල් සිය පෞද්ගලික සුඛ විහරණය සදහා පමණක් යොදා ගැනීමට එරෙහිවය, මාකෝස් 1989 වසරේ ඇමරිකාවේ හවායි දූපත් හිදී  මියගියා.



මාකෝස්ගේ දෙවැනි අවමංගල්‍යයට ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස් ඇතුළු පවුලේ ඥාතීන් සහභාගි වී ඇති අතර, ආචාර වෙඩි මුර 21 ක් ද පිරිනමා තිබෙන අතර එය ඉතාම රහසිතගත ආකාරයෙන්  පවත්වා ඇත.මාකෝස්ට ගෞරව දැක්වීම සදහා ඔහුගේ වැන්දඹුව වන ඉමෙල්ඩා ,දියණිය ඉමී මාකෝස් ඇතුළු ළගම ඥාතීහු පිරිසක් සහභාගී වූහ.එරට දෙස් විදෙස් මාධ්‍යකරුවන්ට එම භූමිදාන කිරීමේ අවස්ථාව තහනම් කෙරුණි.

( තිළිණි ද සිල්වා )

ඩේලිමේල් ඇසුරෙනි.......


RECOMMEND POSTS