ඉරාන රූකඩ නිර්මාණකාරිය සමුගනී



ඉරානයේ ලොකු කුඩා කා අතරේත් අතශයින් ජනප්‍රිය ‘කොල්ලාහ් කෙර්මේසි’ නමැති රූකඩය හසුරුවමින්, ඊට පණ පොවා, හඬ නිළියක ලෙසින් ද දායක වුණු රූකඩ නිර්මාණ ශිල්පිනිය දොන්යා ෆෙනිසාදි පසුගිය දා අභාවප්‍රාප්ත වූවාය.

මියයනවිට ඇය 49 හැවිරිදි වියෙහි පසුවූවාය. දොන්යා ෆෙනිසාදි වසර කිහිපයක් තිස්සේ පිළිකා රෝගියකු වී සිටියාය. පොඩිත්තන්ට නිසි පරිදි අකුරු සහ වචන උච්චාරණය කිරීමට ඉගැන්වීම සිදුවූයේ ‘කොල්ලාහ් කෙර්මේසි’ රූකඩය හරහාය. 

ඉරාන පොඞ්ඩන්ගේ දැනුම වර්ධනයට ‘කොල්ලාහ් කෙර්මේසි’ රූකඩය හරහා දොන්යා ෆෙනිසාදි ප්‍රමුඛ නිර්මාණකරුවන්ට හැකියාව ලැබුණේ 1980 දශකයේ සිටය.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS