ශ්‍රමිකයන් මිලියන 1.5ක් ඉවතට



කුවේටයේ සේවය කරන විදේශිකයන් මිලියන 1.5ක්ඉදිරි වසර හතක (07) කාලයකින් ඉවත් කිරීමට කුවේට් රජය සැළසුම් කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

විදේශ ශ්‍රමිකයන් අඩුකිරීමට අදාලව ජාතික කමිටුවක් පත් කිරීමේ හැකියාව පිළිබඳව රජයේ ආයතනවලින් කුවේට් ව්‍යවස්ථාදායක දෙපාර්තුමේන්තුව අදහස් විමසා ඇත.

විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 50%කින් අඩු කළ යුතු බවට යෝජනා වී ඇති බව ව්‍යවස්ථාදායක දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

කුවේටයේ විදේශ ශ්‍රමිකයන් මිලියන 3.2ක් සහ කුවේට් ජාතිකයන් 1.7ක් සේවය කරන බව නවතම දත්ත මඟින් තහවුරු වන අතර කුවේට් ජාතිකයගේ සංඛ්‍යාවටම විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුකිරීමට සැළසුම් කර ඇති බවට නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS