වෙළෙඳ සමබරතාව අඩු කරන්න



වෙළෙඳ අසමබරතාව අඩු කිරීම සඳහා කළ යුතු කාර්ය සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය චීනයට ලිපියක් යවා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් වාර්තා කළේය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෝටර් රථ සඳහා චීනය පනවා ඇති තීරුබදු අඩු කිරීම, චීනයේ නිෂ්පාදිත අර්ධ සන්නායක වැඩි වශයෙන් මිලදී ගැනීම සහ ඇමෙරිකා සමාගම්වලට චීනයේ මූල්‍ය ක්ෂේත්‍රයට වැඩි වශයෙන් ප්‍රවේශවීමට අවස්ථාව සැලැසීම එම කාර්ය බව වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා චීන ආනයන මත බදු පැනවීමට තීරණය කිරීමත් සමඟ ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අතර වෙළෙඳ යුද්ධයක් ඇති වීමේ අවදානමක් හට ගෙන තිබේ. මේ තත්ත්වය ආයෝජකයන්, මූල්‍ය ක්ෂේත්‍රය සහ වෙළෙඳ ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවවල බියට හේතු වී තිබේ. මේ තත්ත්වය මත දෙරට අතර වෙළෙඳාමේ ඇමෙරිකාවේ හිඟය පියවීම සඳහා ඉහත පියවර ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීන ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS