වැට් බදු 10% දක්වා වැඩි කළ යුතුයි



සෞදි අරාබිය දැනට අයකරනු ලබන වැට් බද්ද සියයට දහය (10%)  දක්වා වැඩි කළ යුතු බවට යෝජනා කර ඇති බව වාර්තා වේ.

බොර තෙල් මිල ගණන් අඩුවන අවස්ථාවන්වලදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සඳහා දැනට අය කරණු ලබන සියයට පහේ (5%) වැට් බද්ද සියයට දහය (10%) දක්වා වැඩි කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෞදි රජයට යෝජනා කර ඇත.

සෞදි අරාබියේ අයවැය හිඟය අවම කරගැනීමට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.

රජයේ අධික වියදම් හේතුවෙන් තෙල් නොවන ආර්ථිකය උඩුයටිකුරු වීම වළක්වා ගැනීමට සෞදි රජය කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS