ලංකාවෙන් පිට ලාංකිකයින් වැඩිම පිරිසක් වෙසෙන නගරයට සෘජු ගුවන්සේවයක්



ශ්‍රී ලංකන්  ගුවන් සේවය මේ වසරේ ඔක්තොම්බර් 29 වනදා සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය

ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම ශ්‍රී ලාංකික ජනකොටසක් වෙසෙන රටක් වන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන් අඩක්ම වාසය කරන අතර මෙල්බර්න් එහි අගනුවරයි.

ඒ 330 - 200 එයාර් බස් යානා කොළඹ සහ මෙල්බර්න් අතර දිනපතා ගුවන් ගමන් සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර, මෙල්බර්න් සිට සිඩ්නි, බ්‍රිස්බෙන්, ඇඩිලේඩ් මෙන්ම නවසිලන්තයේ  ඕක්ලන්ඞ් වෙත ද ගමන් කිිරිම සදහා පහසුකම් සලසා තිබිම විශේෂත්වයකි.

 

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS