මුදල් ගණුදෙනු සාමාන්‍ය විදියට: එමිරේට්ස් මහා බැංකුව



කටාර් රාජ්‍යය සමඟ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබුණද කටාර් බැංකු සමඟ මුල්‍ය ගණුදෙනු කිරීමේදි කිසිදු තහනමක් පනවා නැති බවත් මුල්‍ය කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව එමිරේට්ස් මහා බැංකුව පසුගිය දා ප්‍රකාශ කළේය.

“අපි ඇතිවෙලා තියන තත්ත්වය සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරනවා, යම් දෙයක් සිදු වුවහොත් ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය පියවරයන් ගන්නවා.’’ එමිරේට්ස් මුදල් අධිකාරිය ප්‍රකාශ කළ බව එමිරේට්ස් ප්‍රවෘත්ති එජන්සිය ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදීන්ට සහ ඉරානයට සහය දැක්වීම හේතුවෙන් සෞදි අරාබිය, බහරේන, ඊජිප්තුව සහ එම්රේට්ස් රාජ්‍යයන් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් නතර කර දැමීමට සඳුදා තීරණය කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS