මිලියන 99 ක මුස්ලිම් පල්ලි ව්‍යාපෘතියක්



කටාර් රාජ්‍යයේ පිහිටා ඇති මහනගර සභා කේන්ද්‍ර කරගනිමින් ඇ:ඩො මිලියන 99 ක් (කටාර් රියාල් මිලියන 360) වැය කරමින් මුස්ලිම් පල්ලි 76 ක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වන බව කටාර් Awqaf සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අදාල ව්‍යාපෘතිය යටතේ දෝහා අගනුවර පිහිටි අල්-ඩෆ්නා නගරයට නුදුරින් ඇති වෙරළාසන්න ප්‍රදේශයේ අති විශාල මුස්ලිම් පල්ලියක් ඉදිකරමින් පවතින අතර එය නුදුරු දිනයකදි විවෘත කිරීමට නියමිත බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.  

විවිධ ප්‍රදේශ වල ඇති මුස්ලිම් පල්ලි පවත්වා ගෙන යෑම සහ ව්‍යාප්ත කිරීම මෙන්ම ඉස්ලාම් පුජකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්කටාර් රියාල් මිලියනයක් වියදම් කරන බව අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS