මිලියන 4.5ක ශුද්ධ ලාභයක්



කුවේටයේ ලාභදායි ගුවන් සේවයක් වන ජසීරා ගුවන් සමාගම 2018 මුල් මාස හය (ජනවාරි-ජුනි) තුල ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක ශුද්ධ ලාභයක් ලබාගැනීමට සමත් වී ඇති බව ගුවන් සමාගම නිවේදනය කළේය.

මුල් මාස හය තුල ගුවන්මඟීන් 894,172 ගුවන් සේවය භාවිතා කර ඇති අතර 50% වර්ධනයක් බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

ගුවන් සමාගමේ ආදායම 43%කින් ඉහළ ගොස් ඇති අතර ලැබු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 112.9ක් වන බව නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS