මැද පෙරදිග සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිවෙලා



මේ වසරේ ගතවූ මුල් මාස දහය තුළ දී මැද පෙරදිග රටවල් වලින් සංචාරකයින් අනූ තුන් දහස් හයසිය හතළිස් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය පසුගිය වසරේ මුල් මාස 10 තුළ පැමිණි මැදපෙරදිග සංචාරකයින් සංඛ්‍යාව හා සැසදීමේදී එය සියයට පහක වර්ධනයක් යැයි එම අධිකාරිය කියා සිටී.

මෙලසෙ පැමිණි සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ සෞදි අරාබියෙන් වන අතර එරට වැසියන් 34,774 දෙනෙකු පැමිණ ඇත.මීට අමතරව ඕමානයෙන් සංචාරකයින් 12,107 ක්ද ,ඊශ්‍රායලයෙන් 8805 ක් ද ,එක්සත් අරාබි එමීර් රාජ්‍ය යෙන් සංචාරකයින් 7226 ක්ද , කුවේටයෙන් 5130 ක්ද , බහරේනය ,කටාරය ,ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයට අයත් සෙසු රටවල් වලින් සංචාරකයින් 25,598 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

 

ඉකුත් වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම මැදපෙරදිග රටවල් වලින් සංචාරකයින් 89,088 දෙනෙක් දිවයිනට පැමිණ ඇත.

මේ වසරේ ගතවූ මුල් මාස දහය තුළ දී විදෙස් රටවල් වලින්  සංචාරකයින් දහසය ලක්ෂ පනස් අටදහස් අටසියවිසි හතර දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙට පසුගිය වසරේ මුල් මාස දහය හා සැසඳීමේ දී මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සියයට  14.6 වර්ධනයක් සිදුව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ. පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරකයින් දාහ හතර ලක්ෂ හතලිස් අටදහස් එකසිය දහ නම දෙනෙකු පැමිණ ඇත.

.මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දීය ජාතිකයින් 288,636 ක් සංචාරය සදහා දිවයිනට පැමිණ ඇති අතර වන අතර පසුගිය වසරේ මුල් මාස 10 හා සැසඳීමේ දී එය 14.8% ක වර්ධනයක් යැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

දෙවනුවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් චීනයෙන් වන අතර චීන ජාතිකයින් 233,669ක් ගතවූ මාස දහයක කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එරටින් සංචාරකයින් 1,54.376 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS