මහා ආර්ථික අර්බුදයක්



ගෝලීය ආර්ථිකයේ තීරකයන් ලෙස කටයුතු කරන්නේ, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයයි.

1930 වසරේ මහා ආර්ථික අවපාතයට පසු, ලෝකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතය වනු ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් එල්ල වන බලපෑම යැයි ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය පවසා තිබේ.

මෙවැනි මහා ව්‍යසනයක් මීට පෙර ලෝකයාට අත්විඳීමට සිදුවී නැති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දශක ගණනාවකට පසු ගෝලීය ආර්ථිකය සියයට 3 කින් පසුබෑමට ලක් වී ඇති බවත්, ‘කොවිඞ් 19’ අර්බුදය හේතුවෙන් ලෝකයට ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 9 ක් අහිමි වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විශ්ලේෂිකා ගීතා ගෝපීනාත් පවසා තිබේ.

දකුණු ආසියානු කලාපීය රටවල ජනගහනය කෝටි 180 කි. කොරෝනා වයිරසය, දකුණු ආසියාවේ ආර්ථිකයට තර්ජනයක් වී ඇති බවත්, එහි බලපෑම ඉදිරි වසරවල එම රටවල වැසියන්ට අත්විඳීමට සිදුවනු ඇති බවත් ලෝක බැංකුව අනතුරු අඟවා ඇත. පසුගිය 40 වසර තුළ දකුණු ආසියාවේ ආර්ථික ප්‍රගමනයේ නරකම තත්ත්වය මෙය යැයි ලෝක බැංකුව පැහැදිලි කර තිබේ.

දුගීභාවයට එරෙහිව, දශක ගණනාවක් තිස්සේ දකුණු ආසියානු රටවල් ළඟා කරගත් ප්‍රගතිය ආපස්සට හැරවීමට ‘කොවිඞ් 19’ වසංගතය සමත් වනු ඇත. සෙසු බටහිර රටවල් සමඟ බලද්දී, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්, පාකිස්තානයෙන් පමණක් නොව අප ශ්‍රී ලංකාවෙන් ද ආසාදිතයන් සහ මරණ අඩු අගයක් ගත්තත්, වයිරස වසංගතය හේතුවෙන් ආර්ථිකයට එල්ල වන බලපෑම සෙසු රටවලට වඩා ඉහළ යාවි යැයි ලෝක බැංකුව අනතුරු අඟවා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS