බැංකු අනුපාතිකය පහතට



කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (15) රැස්වී මෙම තීරණ ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම අනුපාතික සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයන් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූලව ස්වයංක්‍රීයව ගැලපීම සඳහා ඉඩ හැරීමට ද මහ බැංකුව තීරණය කර ඇත.

ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය සියයට 15 සිට සියයට 10 දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තවදුරටත් තීරණය කර ඇත.


RECOMMEND POSTS