පොදු වෙළෙඳ එකඟතාවක්



වසර 25 ක් පැරැණි ඇමෙරිකා නිදහස් වෙළෙඳ ගිවිසුම වෙනස් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කළ තීරණයට තමන් එකඟ බව මෙක්සිකෝ රජය පවසා ඇත.

මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම කි‍්‍රයාත්මක වන්නේ මෙක්සිකෝව, ඇමෙරිකාව සහ කැනඩාව අතරේය. ට‍්‍රම්ප් මෙම ගිවිසුම හඳුන්වා දුන් අවස්ථාවේදී මෙක්සිකෝව සහ කැනඩාව ඊට විරෝධය දැක්වීය.

තවමත් මෙම නව ගිවිසුමට තමන් කැමැති බව කැනඩාව දන්වා නැති බව ද වාර්තා වේ. මෙක්සිකෝව ගිවිසුමට කැමැත්ත පළ කළේ ට‍්‍රම්ගේ දැඩි ස්ථාවරය හමුවේය.

(රොයිටර්)


RECOMMEND POSTS