පුහුණු පාසල ඇරැඹේ



සෞදි අරාබියේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසල කාන්තාවන්ට ද දොර විවර කිරීමට සූදානමින් සිටී.

දශක ගණනකට පසු කාන්තාවන්ට රිය පැදවීමට පනවා තිබූ පසුගිය මාසයේදී ඉවත් කරන ලද අතර සෞදි අරාබිය මේ වනවිට එරට පනවා තිබූ සමාජ සීමා කිරීම් සහ තහනම් ලිහිල් කරමින් සිටී.

“ගුවන් යානා පැදවීමට ඉගෙන ගැනීමට බොහෝ පිරිසක් විදෙස් ගත වෙනවා. එය පිරිමින්ට වඩා කාන්තාවන්ට බොහෝ දුෂ්කර දෙයක්” සෞදි අරාබියේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසලට අයදුම්පතක් යොමු කර සිටින දලාල් යෂාර් සඳහන් කළාය.

“අපි දැන් ජීවත්වෙන්නේ කාන්තාවන්ට රැකියා කිරීමට විවිධ සීමා බාධා පනවන්න පුළුවන් ලෝකයක නෙමෙයි. අද වනවිට සෑම රැකියාවක්ම වගේම බොහෝ දේවල් කාන්තාවන්ට විවෘතයි. ඔබට වුවමනාව තිබෙනවා නම් හැකියාව තිබෙනවා නම් ඕනෑම දෙයක් විවෘතයි” ඇය කීවාය.

කාන්තාවන්ට ද විවෘත කෙරෙන මෙම ඇකඩමිය එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක විශාල ව්‍යාපෘතියක කොටසකි. මෙම ඇකඩමියට ගුවන් යානා අලුත්වැඩියා කෙරෙන පාසලක් මෙන්ම ජාත්‍යන්තර ගුවන් යානා අනුරූප (පුහුණු ආකෘති) මධ්‍යස්ථානයක් ද ඇතුළත් ය.

මෙම පාසලේදී සිසුන් ප්‍රායෝගික පුහුණුවක් ද ඇතිව වසර තුනක කාලයක් අධ්‍යාපනය ලබන බව පාසලේ විධායක අධ්‍යක්ෂ ඔත්මාන් අල් මෞටයරි පැවැසීය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS