තෙල් මිලදී ගෙන නෑ



ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවීමෙන් අනතුරුව පසුගිය මාස තුනක කාලයේදී දකුණු කොරියාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගෙන නැතැයි වාර්තා වේ.

ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ෂානා පුවත් සේවය ඒ බව වාර්තා කළේය. 

“අඛණ්ඩව මාස තුනක් දකුණු කොරියාව ඉරානයෙන් තෙල් ආනයනය කර නැහැ” යැයි ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශක කස්රා නූරි උපුටා දක්වමින් ෂානා පුවත් සේවය වාර්තා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවීමෙන් අනතුරුව එරටින් ඉන්ධනය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ පළමු රට වන්නේ ද දකුණු කොරියාවය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS