තෙල් මිල ස්ථාවරයට ඔපෙක් සහාය ඕනෑ - ඉරාන ජනපති



ලෝකයේ තෙල් මිල ස්ථාවර තත්ත්වයකින් පවත්වා ගැනීමට නම්, ඔපෙක් සංවිධානයට අයත් සාමාජික රටවල් එකමුතුවී තීන්දු තීරණ ගැනීම කළ යුතු බව ඉරාක ජනාධිපති හසන් රොව්හානී අවධාරණය කරයි.
ඉරාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ ඔහු ඊයේ (8) වෙනිසියුලා ජනාධිපති නිකල් මදුරෝ සමඟ දුරකතනයෙන් කතාබහ කළ අවස්ථාවේදී යැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය ඔපෙක් සමුළුව ඇල්ජියර්ස්හිදී පැවැත්වුණු අතර මිළඟ සමුළුව පැවැත්වෙනු ඇත්තේ වියානාහිදීය.
තෙල් නිෂ්පාදනය කරන රටවල් ඔවුන්ගේ පටු අරමුණු පසෙකළා පොදු එකඟතාවකින් ක්‍රියා කරන්නේ නම් ලෝක තෙල් මිල ස්ථාවර කිරීමට හැකි බව ඉරාන ජනාධිපති රොව්හානී කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS