ගුවන් ගමන් නවතා දමයි



ඉරාකයේ නජාෆ් නගරයේ හටගෙන ඇති විරෝධතා හේතුවෙන් ගුවන්ගමන් නවතා දැමීමට තීරණය කළ බව නිවේදයක් නිකුත් කරමින් කුවේට් ගුවන් සමාගම සඳහන් කර ඇත.

දිනෙන් දින වර්ධනය වනවිරෝධතා හේතුවෙන් නැවත දැණුම් දෙනතුරු ගුවන්ගමන් තාවකාලිකව නවතා දැමීමට ගුවන් සමාගමේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

ගුවන් ටිකට් පත් මිලදී ගත් ගුවන් මඟීන්ට වෙනත් ගුවන් සමාගම්වලට අයත් ගුවන්යානාවලින් ගමන් කිරීමට පහසුකම් සලසා දී ඇති අතර කිසිදු ගාස්තුවක් අයකිරීමකින් තොරව මුදල් ආපසු ලබාදීමටද ගුවන් සමාගම පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS