කුවේටයෙන් ඉරාකයට තෙල්



දකුණු දිග ඉරාකයේ වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විදුලි බලාගාර අඩපන වී ඇති බව වාර්තා වේ.

විදුලි බලාගාර යළි ක්‍රියාත්මක කිරීමටඅවශ්‍ය ඉන්ධන සැපයීමට කුවේටය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඉරාක බලශක්ති අමාත්‍යවරයාට කථාකර අවශ්‍ය වැඩකටයුතු කරන ලෙස කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා කුවේට් තෙල් අමාත්‍යවරයාටනියෝග කර ඇත. 

තෙල් ඝන මීටර් 30,000ක් පිරවු නෞකාවක් දකුණු දිග ඉරාකයේ බස්රා වරායට පිටත් කර යැවීමටකටයුතු කර ඇති බවත් ඉදිරි දින කීපයේදි තවත් නෞකා කීපයක් පිටත් කර යැවීමට සැළසුම් කරන බව කුවේට් තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS