ඔපෙක් තෙල් නිෂ්පාදනය සීමා කරයි



 
මාස නවයකට පසුව තෙල් නිෂ්පාදනය සීමා කිරීම ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කිරීමට තෙල් අපනයන කරන රටවල සංවිධානය බ්‍රහස්පතින්දා (25) තීරණය කළේය.
 
ඉකුත් වසර තුනක කාලයේදී තෙල් මිල ගණන් හා ආදායම් ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තෙල් අපනයන කරන රටවල සංවිධානය ඉකුත් වසරේ කටයුතු කළේය.
 
තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ රටවලට අමතරව එම සංවිධානයේ නොවන රටවල් කිහිපයක් ද තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රුසියාව ඇතුළුව තවත් රටවල් කිහිපයක් තෙල් නිෂ්පාදනය සීමා කරනු ඇත.
 
තෙල් නිෂ්පාදනය සීමා කිරීමට ගත් තීරණයක් සමඟ මේ වසරේදී තෙල් බැරැලයක මිල ඩොලර් 50ක දක්වා ඉහළ නංවා ගැනීමට තෙල් අපනයනය කරන රටවල් සමත් විය. 
 
රොයිටර් ඇසුරිනි

RECOMMEND POSTS