එමිරේට්ස් ලාභය 75%කින් පහළට



එමිරේට්ස් ගුවන් සමාගමේ 2016-17 මූල්‍ය වර්ෂ වල ශුද්ධ ලාභය 75%කින් පහළ යයි. මෙයට හේතුවී ඇත්තේ ආර්ථික අස්ථාවරත්වය හා ගුවන් ගමන් සදහා වන ඉල්ලුම අඩුවීමයි.

පසුගිය වර්ෂය හා සසදනවිට ශුද්ධ ලාභය ඩිරාම් මිලියන 786ක (ඇ.ඩො මිලියන 214ක්) වේ. පසුගිය වසර හා සසදන විට එය 75%ක පාඩුවකි.

එමිරේටස් ගුවන් සමාගම පවසන අන්දමට , මේ වසරේ පළමු මාස හය තුළ අනිකුත් මෙහෙයුම්වලින් ලැබූ ආදායම් පසුගිය වසරේ පළමු මාස හය තුළ අනෙකුත් මෙහෙයුම්වලින් ලැබූ ආදායම් හා සසඳන කල 1%ක පහළ යෑමක් සිදුව ඇත.  මූල්‍යමය  වශයෙන් එය ඩිරාම් මිලියන 42.3 සිට ඩිරාම් මිලියන 41.3 දක්වා අඩුවීමකි. 

මෙහෙයුම් පිරිවැය 5%කින් හා සමස්ථ පිරිවැය 9%කින් වැඩිවී ඇත.

පසුගිය වසර හා සසදන විට මේ වසරේ ඉන්ධන සදහා වන පිරිවැය 10%කින් අඩුවී ඇත.  ඉන්ධන පිරිවැය ගුවන් සේවාවන් වල අනිවාර්ය වියදමක් වේ.

 ‘2016-17 මුල්ය වර්ෂයේ පළමු මාස 6 තුළ අප සමාගමේ අපේක්ෂිත කාර්ය සාධන ළඟාකරගැනීමේදි ඇමරිකානු ඩොලරයේ හා අනිකුත් විදේශීය  ව්‍යහාර මුදල් මගින් කරනු ලබන බලපෑම් ඉහල ගොස් ඇත. ඒ වගේම අපි සැමවිටම මූලෝපායිකව වැදගත් ආයෝජන ස්ථාපනය කරමින් සිටිමු. මෙම ආයෝජන තුලින් අපගේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය හා නවොත්පාදනය වැඩිකළ යුතුව ඇත. ඒ සඳහා අපට මහන්සිවී වැඩකිරීමට සිදුවෙනවා“ යි එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති හා ප්රධාන විධායක නිළධාරි, ෂික් අහමඩ් බින් සඒඩ් මක්තුම් කියා සිටියේ,


RECOMMEND POSTS