එමිරේට්ස්-චීන ප්‍රධාන ගිවිසුම් 13ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය අතර උපායමාර්ගික සහ ද්විපාර්ශවිකවශයෙන් වැදගත්වන ප්‍රධාන පෙළේ ගිවිසුම් දහතුනකටසහ අවබෝධතා ගිවිසුම් කීපයකටඅත්සන් කළ බව එමිරේට්ස් මාධ්‍යය වාර්තා කළේය.

ඉදිකිරීම්, බලශක්ති, ව්‍යාපාරික, ආනයන, අපනයන, කෘෂිකර්ම, පරිසර , මහාමාර්ග සහතවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාලව ගිවිසුම් අත්සන් කර ඇත.

එමිරේට්ස් උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය හමුදා ප්‍රධානී, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්- නහියන් සහ චීන ජනාධිපති, ෂී ජින්පින් ගිවිසුම් අත්සන් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS