බිලියන 11ක ව්‍යාපෘති



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සෞදි රියාල් බිලියන 11.84ක් වටිනා ව්‍යාපාති 151ක් ටබුක් පළාතේ විවෘත කර ඇති බව වාර්තා වේ.

සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසමේ සෞදි රියාල් මිලියන 98.31ක් වටිනා ව්‍යාපෘති 11ක්ද, නගර හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ මිලියන 757.76ක් වටිනා ව්‍යාපෘති 69ක්ද, පරිසර, ජලජ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ බිලියන 1.5ක් වටිනා ව්‍යාපෘති 21ක්ද,බලශක්ති, කර්මාන්ත හා ඛනිජ සම්පත් අමාත්‍යාංශයේ ව්‍යාපෘති 5ක්ද, ප්‍රවාහන අධිකාරියේ ව්‍යාපෘති 16ක්ද, වරාය අධිකාරියේ ව්‍යාපෘති 18ක් සහකාර්මික නගර අධිකාරියේ ව්‍යාපෘති 2ක්විවෘත කළ ව්‍යාපෘති අතර වේ.

සූර්ය සහ සුළං බල විදුලිය නිෂ්පාදන ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා සෞදි රජු මුල්ගල් තබා ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS