ඊජිප්තුවෙන් ගම්මිරිස් ආනයනය සෞදි අරාබිය අත්හිටුවයි



ඊජිප්තුවෙන් සියලු වර්ගවල ගම්මිරිස් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර ඇත. ආනයනය කරන ලද ගම්මිරිස්වල පලිබෝධ නාශක අඩංගු වී තිබූ අනාවරණය වීමත් සමඟ සෞදි අරාබියේ පරිසර, ජල සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර රුසියාව ඊජිප්තුවෙන් ආනයනය කරන සියලු කෘෂිකාර්මික නිෂ්පාදන තහනම් කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඊජිප්තුවෙන් ස්ට්‍රෝබෙරි ආනයනය කිරීම තහනම් කිරීමට කටයුතු කළේය.

ගම්මිරිස් සාම්පලවල පලිබෝධ නාශක අඩංගු වී තිබීම අනාවරණය වීමත් සමඟ සෞදි අරාබියේ පරිසර, ජල සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති අතර සෞදි අරාබියේ අනෙකුත් වරාය සහ අදාළ ආයතනවලට ද එම උපදෙස් පිළිපදින්නැයි දැනුම් දී ඇත.

සෞදි අරාබිය ඊජිප්ත-ුවෙන් වාර්ෂිකව ගම්මිරිස් ටොන් 15,000කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය කරන අතර මේ සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් ඉදිරියට සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 

මිඩ්ල්ඊස්ට් මොනිටර් ඇසුරිනි


RECOMMEND POSTS