සෞදියෙන් රට ඉදි



මෙවර රාමසාන් උපවාස සමය වෙනුවෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට බෙදාදීම සඳහා සෞදි රජයෙන් රට ඉදි මෙට්‍රික් ටොන් 150 ක් පරිත්‍යාග කර තිබේ.

එය තැපැල් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා වෙත නිල වශයෙන් භාරදීම එම අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිණි.

මෙවර රට ඉදි මෙට්‍රික් ටොන් 150 ක් ලබාදීම සම්බන්ධයෙන් සෞදි අරාබියානු රජය වෙත කෘතඥතාව පල කරන බව තැපැල් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය.

පසුගිය වසරවලට සාපෙක්ෂව මෙවර පරිත්‍යාග කෙරෙනු රට ඉදි ප්‍රමාණයේ අඩුවක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ දී පෙර පරිදිම රට ඉදි තොග ලබා දීමට සෞදි රජය කැමැත්ත පළ කළ බව ද සඳහන් කළේය.

අමාත්‍යාංශ ලේකම් වසන්ත හපුආරච්චි, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.මලික් යන මහත්වරුන් සහ සෞදි රජය නියෝජනය කරමින් මම්දවුත් බින් මොහොමඩ් අල් අල්ලාෆ් මහතා අතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS