ලංකාවේ සංචාරය කිරීමට බිය විය යුතු නැහැ



දැනට ශ්‍රී ලංකාවේ පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා ඒ එච් 1එන් 1 වෛරස් රෝග තත්ත්වය මෙරටට පැමිණෙන සංචාරකයින්ට තහංචි පැනවීමට හෝ  සංචාරක උපදේශන නිකුත් කිරීමට තරම් බිය යුතු කරුණක් නොවන බවට  සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇසළ වීරකෝන් මහතා වෙත ඊයේ (05) ලිපියක් යවමින් දන්වා ඇත. 

මේ සම්බන්ධයෙන් කාටර් විදේශ කටයුතු අමාත්‍යංශයද සංචාරක උපදේශනයක් නිකුත් කර ඇති බැවින්  කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්වත් කරන්නැයිද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා ඒ එච් 1එන් 1 වෛරසයට අදාළව ශ්‍රී ලංකාවේ සංචාර කිරීමෙන් වළකින්නැයි කටාර් ජාතිකයින්ට දන්වමින් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සංචාරක උපදේශනය සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙම වෛරස් රෝගය මේ දිනවල ඉන්දියාව ,මාලදිවයින් සහ ශ්‍රී ලංකාවේ පවතින බවත් පෙන්වා දෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිය ලිපියේ වැඩිදුරටත්  සඳහන් කරනු ලැබ ඇත්තේ මෙම වෛරස් රෝගය වසංගත තත්ත්වයක් නොවන බවත් ,යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය මැඬපැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති වසංගත රෝග විද්‍යා අංශ සියලූ පියවර ගන්නා බවද අනුර ජයවික‍්‍රම මහතා යැවූ එම ලිපියේ සඳහන්ව ඇත.

එබැවින් මෙම පසුබිමක් තුළ මෙරටට සංචාරය කරන්නන්ට ගමන් සීමා පැනවීමේ අවදානමක් නොපවතින් බවත් ,මෙම වෛරස් රෝග තත්ත්වය ලොව පුරා රටවල් රැුසක් වසංගත තත්ත්වයක් ලෙෂ පැවති 2009 වසරේ දී වත් අදාළ රටවල් වෙත සංචාරය නොකරන බවට දන්වමින් ලෝක සංවිධානය විසින් කිසිදු සංචාරක උපදේශන මාලාවක් නිකුත් නොකළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම ලිපියේ සඳහන් වේ.  

 

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS