පකිස්තාන අගමැති දියණියත් දේශපාලනයට



පකිස්ථාන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ දියණිය වන මාරියම් නවාස් 2018 වසරේදී පැවැත්වෙන් මහමැතිවරණය සඳහා තරග වදින බව පකිස්ථාන මුස්ලිම් ලීගය ඊයේ (24) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව ඇය එම වසරේ පැවැත්වෙන මහමැතිවරණයේදී සිය පියාගේ නායකත්වයෙන් යුතු පකිස්ථාන මුස්ලිම් ලීගය නියෝජනය කරමින් ඉස්ලාමාබාද් අසුන සඳහා තරග වදින බව එම පක්ෂය කියා සිටී.

දැනට 43 හැවිරිදි විෙය් පසුවන මාරියම් දැඩි සමාජවාදී අදහස් ඇති කාන්තාවක් වන අතර ඇය සිය පියාගේ දේශපාලන ව්‍යාපාරය තුළ විවිධ මෙහෙයුම් සිදු කළ තැනැත්තියක වේ.2013 වසරේ දී එරට පැවති මහමැතිවරණයේ දී පකිස්ථාන මුස්ලිම් ලීගය වෙනුවෙන් ලාහෝර් දිස්ත්‍රික්කයේ ප්‍රචාරණ කටයුතු මෙහෙයවූයේද ඇය විසිනි.

එම වසරේදී සිය අග්‍රාමාත්‍ය පියා විසින් පවත්වාගෙන ගිය තරුණ වැඩසටහනේ සභාපතිනය වූ අතර 2014 වසරේදී ඇය එම තනතුර හෙබවීම ලාහෝර් මහාධිකරණය විසින් අභියෝගයට ලක් කිරීමත් සමඟ ඇය එම තනතුරෙන් ඉල්ලා අස්වූවාය.  

තිළිණි ද සිල්වා
ගල්ෆ් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS