නවසීලන්තයට ළාබාල නායිකාවක්



නවසීලන්තයේ නව මධ්‍ය වාමාංශික රජයේ නව අගමැති ලෙස 37 හැවිරිදි ජැසින්ඩා ඇර්ඩර්න් පත් වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජැසින්ඩා ඇර්ඩර්න් නායකත්වය දෙන්නේ නවසීලන්ත විපක්ෂය වන කම්කරු පක්ෂයටය. ඇය විපක්ෂ නායිකාව ලෙස එම ධුරය හෙබවූයේ මාස තුනක් වැනි කෙටි කාලයකට පමණි.1856 වසරෙන් පසු නවසීලන්ත අගමැති ධුරයට පත් වන ළාබාලතම තැනැත්තා වන්නේ මැයයි.

පසුගිය සැප්තැම්බරයේ නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වුණු අතර එහිදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි විය.

ඒ අනුව, කම්කරු පක්ෂය සහ හරිත පක්ෂය එක් වී, නව මධ්‍ය වාමංශික රජයක් පිහිටුවීමට සූදානම් වන අතර, ජැසින්ඩා ඇර්ඩර්න් නවසීලන්තයේ අගමැතිනිය වනු ඇත. කම්කරු පක්ෂය සහ හරිත පක්ෂය අතර නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනුණේ දින 26 ක දීර්ඝ සාකච්ඡාවලින් ද පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS