ට්‍රම්ප් වතුර බෝතලය එක්ක හැංගිමුත්තං කරලා



දීර්ඝ මෙන්ම වෙහෙසකර ආසියානු සංචාරය අවසන් කරමින්, යළි පැමිණි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය සංචාරය සම්බන්ධයෙන් විස්තර හෙළි කරමින් වොෂින්ටන්හි ධවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

මාධ්‍ය හමුවේදී කරුණු කාරණා පැහැදිලි කරමින් යද්දී, ට්‍රම්ප්ට තිබහක් ඇති වුණු අතර, ඔහු වට පිට බලන්න වූයේ ඔහු වෙනුවෙන් වතුර බෝතලයක් තිබෙනවාදැයි කියාය.

ට්‍රම්ප් වෙනුවෙන් බෝතලයක් තිබුණු නමුත් ඔහුට එය සොයා ගැනීමට නොහැකි විය. ට්‍රම්ප් බෝතලය සමඟ ‘හැංගිමුත්තං’ කළේ යැයි මාධ්‍ය වාර්තා කළේය.

ජනපතිවරයාට වතුර බෝතලයක් දකින්න නොලැබිණි. ‘මට වතුර බෝතලයක් තියලා නැහැ. කමක් නැහැ.’ යැයි කියමින් යළි මාධ්‍ය හමුවට යොමුවිය.

එම අවස්ථාවේ ට්‍රම්ප්ගේ ආධාරකරුවකු වහා ඉදිරිපත් වී, ට්‍රම්ප්ට වතුර බෝතලය ලබා දීමට කටයුතු කළේය. ට්‍රම්ප් සිය අත දිගු කොට බෝතලය ගෙන එය දෑතින්ම අල්ලා ගෙන ‘ගුඩු ගුඩා ගා’ බීගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS