ගැල් ගැඩොට්ට විරෝධයක්



නයිල් රැජින හෙවත් ක්ලියෝපැට්‍රාගේ චරිතයට ඊශ්‍රායල ජාතික හොලිවුඩ් නිළි ගැල් ගැඩෙඩ් තෝරා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ඒ, ඊශ්‍රායල යුදෙව් ජාතික කාන්තාවක වන ගැල් ගැඩොඩ් එම චරිතයට පණ පෙවීම සුදුසු නොබව බව පෙන්වා දෙමිනි. විරෝධතා එල්ල වෙමින් පවතින්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. ඒ, චිත්‍රපටය නිෂ්පාදනය පැරමවුන්ට් සමාගම ඒ බව නිවේදනය කිරීමත් සමගය.

ක්ලියෝපැට්‍රාගේ චරිතයට සදහා තෝරා ගැනීම කළ යුතු වන්නේ ග්‍රීක නිළියක බව විරෝධතා දක්වන අය පවසයි. ඓතිහාසික විස්තර අනුව, ක්ලියෝපැට්‍රා මැසඩෝනියානු සම්භවයක් ඇති තැනැත්තියකි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය වන්නේ සම්මානනීය අධ්‍යක්ෂිකාවක වන ලැටී ජෙන්කින්ස්ය. ගැල් ගැඩොඩ් ලොකු කුඩා කා අතරේත් ප්‍රකටව සිටින්නේ වෙනාන්ඩර් වුමන් නමැති සුපිරි වීරවරියගේ චරිතයට පණ පෙවීමෙනි. වොන්ඩර් වුමන් පළමු සහ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත්තේ ද ජෙන්කින්ස්ය.

තිරගතවීමට නියමිත වොන්ඩර් වුමන් දෙවැනි චිත්‍රපටයේ දසුනක්

වොන්ඩර් වුමන් පළමු චිත්‍රපටය තිරගත වූයේ 2017 දීය. එහි දෙවැන්න මෙම වසරේ තිරගත වීමට නියමිත නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් දිනෙන් දින ප්‍රමාද වී ලබන 2021 තෙක් කල් ගියේය.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS