සෞදි රාජකීයයන් එක්ක ට්‍රම්ප් නටලා



සෞදියේ රියාද් අගනුවර නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සෞදියේ සාම්ප්‍රදායික නිල නර්තත අංගයකට ද එක් වූයේය.

මෙම නර්තන අංගය ‘අසිපත් නර්තනය’ යනුවෙන් හැඳින්වෙයි. සෞදියේ සල්මාන් රජු ඇතුළු රජ පවුලේ සාමාජිකයෝ ද සාම්ප්‍රාදියක සුදු ඇඳුමින් සැරැසී ඊට එක් වූහ.

සෞදි රාජකීයයන්ට මැදිවුණු ටයිකෝට් පැළැඳි ජනපති ට්‍රම්ප්, නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. එය කාගේත් අවධානයට ලක් වී ඇතැයි ද පැවැසෙයි.

අසිපත් අතැති පිරිසට මැදිවුණු ජනපති ට්‍රම්ප්ට ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් පමණක් නොව, සෞදි ආරක්ෂක අංශවලින් ද විශේෂ ආරක්ෂාවක් ලැබුණු බව ද වාර්තා වේ.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS