ශ්රී ලංකාවේ නව තුර්කි තානාපති
ශ්රී ලංකාවේ නව තුර්කි තානාපතිවරයා ලෙස රකිබේ ඩෙමෙට් ෂෙකර්ජිඕලූ මහත්මිය පත් කර ඇත.
දෙරටේ එකඟතාව පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවේ නව තුර්කි තානාපතිවරයා ලෙස රකිබේ ඩෙමෙට් ෂෙකර්ජිඕලූ මහත්මිය කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (20) සිය අක්තපත්ර පිරිනැමුවාය.
තානාපති ටන්කා ඔසුහාදාර් මහතා වෙනුවට රකිබේ ඩෙමෙට් ෂෙකර්ජිඕලූ මහත්මිය ශ්රී ලංකාවේ නව තුර්කි තානාපති ලෙස එලෙස පත් කර ඇත.