විලියම් කුමාරයා නිවේදකයෙක් වෙලා



ස්ටිට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ‘ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු නිවේදිකයෙකු ලෙස කටයුතු කිරීම, ලොව කාගේත් අවධානයට හේතුවක් වී ඇත.

ආර්ථික සමුළුවට සමගාමීව, මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ​පරිසරයට සිදුවන බලපෑම්, ගෝලීය උණුසුම ඉහළ යෑම, වනාන්තර සහ සාගර දූෂණයට ලක් වීම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් විද්වත් හමුවක් පැවැත්විණි.

එම විද්වත් හමුවේ නිවේදකයා ලෙස කටයුතු කළේ විලියම් කුමරුන්ය. විද්වත් හමුවට දේශකයකු ලෙස සහභාගී වූයේ ලොව කාගේත් ආදරයට මෙන්ම ගෞරවයට පාත්‍ර වී සිටින ස්වභාව විද්‍යාඥ ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝය.

92 හැවිරිදි ඩේවිඩ් ඇටන්බරෝ ලොව කා අතරේත් ජනප්‍රිය වී ඇත්තේ, බීබීසී නාළිකාවේ ‘ලයිෆ් ඔන් අර්ත්’, ‘බ්ලූ ප්ලැනට්’,‘ප්ලැනට් අර්ත්’, ‘හියුමන් ප්ලැනට්’ ආදී සම්මානනීය වාර්තා වැඩසටහන් මෙහෙයවමිනි. ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන නවතම වන ජීවී වාර්තා කතා මාලාව වන්නේ ‘ඩයිනෙස්ටීස්’ ය.

තමන්ට නිවේදකයකු ලෙස කටයුතු කරන්න ලැබීම අපූරු අත්දැකීමක් බව විලියම් කුමරුන් මාධ්‍ය හමුවේ පසුව පැවැසීය. ‘ඒක අපූරු අත්දැකීමක්. වෙනදා මං ප්‍රශ්න ඇසීමට ලක් වෙනවා. ඒත් අද මට අවස්ථාව ලැබුණා ප්‍රශ්න අසන්න. ඒ එසේ ​මෙසේ කෙනකුගෙන් නොව ඩේවිඩ් ඇටන්බරෝගෙන්. එය මට ලෙකු ගෞරවයක්.’ යැයි විලියම් කුමරු පවසා ඇත.

ඩාවෝස් නුවරදීය
බී.බී.සී. පුවත් ඇසුරිනි


RECOMMEND POSTS