පොලිස් රොබෝ රාළහාමි රාජකාරි අරඹයි



එමීරයේ පළමු පොලිස් නිලධාරියා පොලිස් සේවයට අනුයුක්ත කිරීම පසුගිය දා සිදුවිය.

ඉකුත් ඉරිදා ඩුබායි හි පැවති ගල්ෆ් කලාපීය ආරක්ෂිත සන්නිවේදන තොරතුරු සමුළුවේ ආරක්ෂිත කටයුතු සඳහා යෙදවූ මෙම  රොබෝ පොලිස් නිලධාරියා සමුළුව අවසන් වන තෙක් රාජකාරියේ නියැලුණේය.

ඉදිරියේදී ඩුබායි නගරයේ පදිංචිකරුවන්ගේ හා සංචාරකයින් ගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට ඩුබායි පොලීසිය අදහස් කරන බව ඩුබායි පොලිසියේ සුහුරු (ස්මාර්ට්) සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කලීඩ් නසාර් අල් රසූකි කීය.

සෙන්ටිමීටර් 170 ක උසකින් යුතු වන අතර බරින් කිලෝ ග්‍රෑම් 100 ක් වේ.එසේම මෙම රොබෝ පොලිස් නිලධාරියාට හැඟීම් සහ හස්ත සංඥා හඳුනා ගත හැකි අයුරින් ඉතාම බුද්ධිමත් ලෙසින් නිපදවා තිබේ.

එසේම මෙම නිලධාරියාගේ සිය හැසිරීම් කැමරාවක් මාර්ගයෙන් සජීවි ලෙසින් නිරික්ෂණයට ලක් කිරීමටද ඩුබායි පොලීසිය පියවර ගෙන ඇත.

ඉදිරියේදී ඩුබායි පොලිස් සේවා කටයුතු සියල්ලක්ම සුහුරු තාක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට එමීරය කටයුතු කරන බවද  ඩුබායි පොලිසියේ සුහුරු (ස්මාර්ට්) සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කලීඩ් නසාර් අල් රසූකි වැඩිදුරටත් කීය.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි


RECOMMEND POSTS