නොහොඳ නෝක්කඩු අවසන්



පළමු ලෝක යුද්ධය අවසන් වී, වසර 100 ක් ගතවීමේ, විශේෂ සැමරුමක් ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වුණු අතර, ඊට සහභාගී වීමට පැරිසියට ගිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි.

ජනපතිවරුන් දෙදෙනා අතරේ පසුගිය දින කිහිපය පුරාවට පැවැති නොහොඳ නෝක්කඩු අවසන් වුණු බවත් දෙදෙනා අතරේ යළිත් ශක්තිමත් මිතුදම් වර්ධනය වුණු බවත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර මෙම හමුව පැවැත්වූයේ පැරිසියේ ප්‍රංශ ජනාධිපති මන්දිරය හෙවත් ඉලිසේ මාලිගයේදීය.

ට්‍රම්ප් සමඟ මෙලානියා ද මෙම ප්‍රංශ සංචාරයට එක් වූවාය. ට්‍රම්ප් සහ මෙලානියා පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති ආර්යාව ත්‍රොග්නෝව් ද පැමිණ සිටියාය.

ට්‍රම්ප් සහ මැක්රොන් අතර අර්බුදයක් නිර්මාණය වූයේ යුරෝපා සංගමය මුල්කොට ගනිමිනි. ට්‍රම්ප් යුරෝපා සංගමය අප්‍රසාදය පළ කරයි. ඒ, එහි දේශපාලනික සහ වෙළෙඳ ප්‍රතිපත්තිවලින් ඇමෙරිකානට හානියක් සහ අසාධාරණයක් සිදුවන බවට චෝදනා නගමිනි. ප්‍රංශය යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජික රටකි.

යුරෝපා සංගමයට ඇමෙරිකා එක්සත් ජකපදයේ සහාය සහ අනුග්‍රහය ට්‍රම්ප් පරිපාලනයට පෙර නොඅඩුව ලැබුණි.

‘යුරෝපා සංගමයෙන් දුරස් වෙන්න ඇමෙරිකා ජනාධිපති උත්සාහ ගන්නවා. නේටෝවට සහාය දීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉදිරියට ප්‍රබලයන් වන චීනය සහ රුසියාව සමඟ පමණක් නොව, ඇමෙරිකාව සමඟත් හැප්පෙන්න සිදුවේවි. අපේ ආරක්ෂාව වෙනුවෙන් යුරෝපා සංගමය තවත් ශක්තිමත් කරන්න වේවි’ යැයි  ප්‍රංශ ජනාධිපති මැක්රොන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

මෙම ප්‍රකාශය ට්‍රම්ප්ගේ උදහසට හේතුවක් වූ අතර, දෙදෙනා අතර නොහොඳ නෝක්කඩු නිර්මාණය වූයේ ඒ අනුවය.

ඉලිසේ මාලිගයේදී හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ට්‍රම්ප් සහ මැක්රොන් එක් වී මාධ්‍ය හමුවක් ද පැවැත් වූහ. එහිදී මැක්රොන් කියා සිටියේ වැරැදි වැටහීමක් නිසා අර්බුදයක් පැවැති බවත්, දැන් එම අර්බුදය අවසන් බවත් යළිත් වරක් ට්‍රම්ප් සහ තමන් හොඳ මිතුරන් වුණු බවත්ය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS