තරුණ පරපුරටත් වයිරසය අවදානම්



‘කොවිඞ් 19’ වයිරසය, වැඩිහිටියන්ට පමණක් නොව, තරුණ තරුණියන්ට ද දැඩි බලපෑම් එල්ල කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

“අවුරුදු 50 ට වැඩි අය පමණක් නොවෙයි, අවුරුදු 50 ට අඩු සෑම කෙනකුම වයිරසයට බිය විය යුතුයි. වයිරසය අවතක්සේරු නොකළ යුතුයි. වැඩිහිටි මරණ පමණක් නොවෙයි තරුණ මරණ ද වාර්තා වී තිබෙනවා. වයිරසය ආසාදනය වී නොමැරුණත් තරුණ ඔබට සති ගණනක් රෝහල්වල දුක් විඳින්න වේවි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ නව කොරොනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් සහ පාලන ප්‍රදේශ 200 කට වැඩි ප්‍රමාණයක් පුරාවට පැතිර ගොස් ඇත.

වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 10,00,000 ට ආසන්න වී ඇත. අද (2) වනවිට වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 9,52,171 යැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දුන්නේය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS