ඉදිරි දෙසතිය තුළ කටාර් හි කාලගූණය අවදානම්



ඉදිරි දෙසතිය තුළ කටාර් හි කාලගූණ තත්ත්වය අවදානම් බවත් ,තද වැසි සහිත විය හැකි බවත් කටාර් කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන බව එරට මාධ්‍ය පවසයි. 

ගැඹුරු මුහුදේ ඇති වන කැළඹීලිකාරි තත්ත්වයත් සමඟ දැඩි සුළං තත්ත්වයක් ගොඩ බිම් ප‍්‍රදේශයන්ට බලපෑ හැකි අතර මුහුදු රළ දැඩි විය හැකි බැවින් ඒ මුහුද ආශ්‍රීතව ගැවසීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව කාටාර් වැසියන්ට අනතුරු හඟවා තිබේ.

ඉදිරි දින කීපය තුළ වෙරළාසන්න ප‍්‍රදේශයන්හමි වැහි වළාවන් ගෙන බර අදුරු ගතියක් පවතිනු ඇති බවත් අකුණු ගැසීම් සිදුවිය හැකි බවත් කාළ ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කන්වා ඇත.

කටාර් හි පෙනින්සියුලා පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ කටාර් හි බොහෝ ප‍්‍රදේශ තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 දක්වා පහත  වැටීමට හැකි බවය. එමෙන්ම රාත‍්‍රි කාලයේ උෂ්ණත්වය තව දුරටත් පහළ යා හැකි බැවින් ආරක්ෂිත ක‍්‍රියා මාර්ග අනුගමනය කරන්නැයි ජනතාවට දන්වා තිබේ.

 

 විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS