අරාබි සමුළුව අම්මාන් නුවරදී මුළු දෙයි



අරාබි රටවල ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමේ අරමුණෙන් විසි හත්වැනි අරාබි සමුළුව ඊයේ (29) ජොර්දානයේ අම්මාන් නුවරදී අරාබි සමුළුවට අයත් රටවල් 21 ක නායකයින්, ජනාධිපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විණි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ දී පලස්තීනය සම්බන්ධයෙන් වන ගැටලුව හා වසර හයක් පුරා සිරියාවේ පැවැත්වෙන සිවිල් යුද්ධයේදී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම  සම්බන්ධයෙන් අරාබි රටවල නායකයින් එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමට තීරණ වී ඇත.

තවද අරාබි කටයුතු සම්බන්ධයෙන් ඉරානයේ ඇගිලි ගැසීම් ප්‍රතික්ෂේප කිරීමටත් , සෞදි හිතවාදී යුද හමුදා කණ්ඩායම් යේමන තුළ කරන මෙහෙයුම් අනුමත කිරීමත් , අරාබිකරයේ සමස්ත ආරක්ෂාව වෙනුවෙන් ඉරාකයේ එක්සත්භාවය වෙනුවෙන් කෙරෙන සටන් අත්‍යාවශ්‍ය බවත් ,ඊශ්‍රාලය 2019 -2020 කාලය සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සමාජික අපෙක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීම , විදේශ රටවල් විසින් ලිබියාව කරන අතපෙවීම් හෙලාදැකීම, මියන්මාරයේ රොහින්යා මුස්ලිම් සුළු ජනයා වෙනුවෙන් කෙරෙන පීඩා හෙළා දැකීම, ආදී විවිධ කරැණු සම්බන්ධයෙන් මෙවර අරාබි සමුළුවේදී කරුණු සකාච්ඡා කෙරිණි.

ජෝර්දානයයේ පාලක දෙවන අබ්දුල්ලා රජතුමන් ප්‍රමුඛ ජොර්දානය සංවිධානය කළ මෙවර අරාබි සමුළුවට අරාබි රටවල් නියෝජනය කරමින් සෞදියේ සල්මන් රජතුමන් ,කටාර් පාලක අල් සබාහ් එමීර්වරයා ,එක්සත් අරාබි  එමීර් අග්‍රාමාත්‍ය හා ඩුබායි පාලක අල් මොක්ටුම් , ඊජිප්තු ජනපති ඇතුළු අරාබි රටවල ඉහළ පෙළේ පිරිස් සහභාගී වූහ.

සිරියානු ජනපති බසීර් අල් අසාද් පිට පිට සයවැනි වරටත් අරාබි සමුළුව සඳහා සහභාගී නොවූ අතර 2011 දී අරාබි සමුළුව සඳහා  සිරියාව තහනම් කෙරිණි.

මෙවර සමුළුව සඳහා  එක්සත් ජාතීන්ගේ නව මහලේකම් වශයෙන් අන්තෝනියෝ ගටරෙස්, ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත වශයෙන් ජේසන් ග්‍රීන් බ්ලැක් ,රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයාද   සහභාගී වූහ.

1990 දී එවකට පැවති ගල්ෆ් යුද සමයේදී අරාබි කලාපයේ ගැටලු වෙනුවෙන් සංවිධානය කර ගත් අරාබි සමුළුව 2018 වසරේදී පැවැත්වෙන්නේ සෞදි අරාබියේදීය.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS