සීමා ලිහිල් කර තිබිය දී ඉතාලියේ රෝගීන් 20,000ට ආසන්න වෙයි



ඉතාලියේ සීමා ලිහිල්කළ මැයි 04 වැනි දා සිට ඊයේ (28) දක්වා ගත වූ දින 23ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 19,794ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ සිදුකරන ලද පරීක්ෂණ 1,663,625කිනි.

සීමා ලිහිල් කිරීමෙන් පසු ඉතාලියේ මරණ 4,063ක් සිදුව ඇති බව ද වාර්තා වෙයි. මේ වනවිට ඉතාලියෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 231,732කි. මරණ 33,142ක් සිදුව ඇත.


RECOMMEND POSTS