හොංකොං පාසල් වැසෙයි



යළිත් වරක් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමට පටන් ගැනීමත් සමඟ පාසල් සියල්ල ලබන සඳුඳා සිට යළි වසා දැමෙන බව හොංකොං කටයුතු කාර්යංශය පවසා ඇත.

වයිරස ආසාදිතයන් හමුවෙද්දී හොංකොං පාසල් වසා දැමීම සිදුවූයේ පසුගිය පෙබරවාරියේය. කෙසේ නමුත් පසුගිය ජූනි මාසයේ අදියරෙන් අදියර යළි පාසල් ආරම්භ විය. ඒ, වයිරස ආසාදිතයන් අඩුවුණු බැවිනි.

පසුගිය දින කිපය පුරා දිනකට නව ආසාදිතයන් 30 කට වැඩි පිරිසක් සොයා ගැනීමත් සමඟ හොංකොං මාපියන් අධ්‍යාපන කටයුතු කාර්යංශයෙන් ඉල්ලා සිටියේ පාසල් වසා දැමීමට පියවර ගන්නා ලෙසය. ඒ අනුව, දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දෙමින්, ලබන සඳුදා (13) සිට සියලු පාසල් වසා දමන බව අධ්‍යාපන ලේකම් කෙවින් යියුංග් පවසා තිබේ.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS