විරෝධතාකරුවන් පුදුම කරමින් දණ නවයි



ජෝජ් ෆ්ලොයිඞ් නමැති කළු ජාතිකයා පොලිස් අත්අඩංගුවේ සිටිද්දී මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින් ඇමෙරිකාවේ නගර රැසක ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙයි. ඒ, විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය කටයුතු කරද්දීය.

උතුරු කැරොලිනා ජනපදයේ ෆෙයෙට්විල් නුවර ද එසේ විරෝධතා හටගත්තේය. ජෝජ් ෆ්ලොයිඞ් ට සාධාරණයක් ඉල්ලමින් සහ කළු ජාතිකයන්ගේ ජීවිතවල වටිනාකම කියමින් විරෝධතාව පැවැත්වුණු අතර විරෝධතාකරුවන්ට පොලිස් නිලධාරීන් 60 දෙනකු පමණ හරස් විය.

දෙපිරිස අතර ගැටුමක් සිදුවේවි යැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද විරෝධතාකරුවන් පුදුමයට පත් කරමින් පොලිස් නිලධාරීහු පිරිස එකා මෙන් ඔවුන් ඉදිරියේ දණ නැමූහ.

ඒ, ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනය හෙලා දකින බව පෙන්වමින් සහ විරෝධතාකරුවන්ට ගරු කරන බව පෙන්වමිනි. විරෝධතාකරුවන් ද පෙරළා දණ නමමින් ඊට පිළිතුරු දුන් අතර පසුව දෙපිරිස වැලඳ ගත්හ. ඒ අනුව විරෝධතාව අවසන් විය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS