ලාංකිකයෙකු ඝාතනය කිරීමට සැකපිට ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාරයට



ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මැලේසියා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි එරට පළවන ‘‘නිව් ස්ය්‍රේට් ටයිම්ස් ‘‘ පුවත්පත ඊයේ (22) වාර්තා කළේය.

ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කර තිබේ. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දුර්ගා රාඹ් කෙටාලි නැමති  30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

එම ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එරට පොලීසිය විසින් අත්අඩංගුවට අනෙක් ලාංකිකයා එම චෝදනාවෙන් මුදා හැරීමට අධිකරණය තීන්දු කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් පෙබරවාරි 0 වැනිදා ක්වාලාලම්පූර් නුවරට තදාසන්න පදාන්ග් බුලුහ්  ප්‍රදේශයේදී සේවාස්ථානයේ සිදු වූ බහින්බස් වීමක් අතරතුර කොන්ක්‍රීට් කැබැල්ලකින් පහර දී ලාංකිකයෙකු  ඝාතනය කර ඇති බව බවට එරට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.මෙලෙස ඝාතයට ලක්වූයේ සුමිත් නිශාන්ත සිල්වා නැමති වයස අවුරුදු 49 වියේ පසුවූවෙකි.

මෙම ඝාතනය සැකකාර ඉන්දීය ජාතිකයා විසින් සිදු කළ බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් තිබූ අතර ඝාතනයට ලක්වූ මරණ පරීක්ෂණ වාර්තාව ලබන 22 අධිකරණය විසින් සලකා බැලීමට නියමිතව ඇත.

ඝාතනයට ලක් වූ ලාංකිකයා එරට සේවය කරමින් සිටි අයෙකු වන අතර ඔහු ඝාතනය වීමට මොහොතකට පෙර  සිය බිරිඳ සමඟ අන්තර්ජාල වීඩියෝ දුරකථන ඇමතුම් හරහා කතාබස් කරමින් සිටින අවස්ථාවකදී සැකකරැවන් දෙදෙනා ඝාතනයට ලක්වූ තැනැත්තා ගේ නවාතැන්පොළට පැමිණෙන අයුරු දැක තිබූ ඔහුගේ බිරිය විසින් මේ බව මැලේසියානු පොලීසියට දැන්වීමේ පසුව මෙම ඝාතනය ඔවුන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී තිබේ.

තිදෙනා අතර සිදු වූ බහින් බස් වීමක් හේතුවෙන් ඇතිවූ කෝපය මත හිසට පහරදී දුන් බවත් ,ඉන්පසු එම ලාංකිකයා සිද්ධිය වූ ස්ථානයේම මියගිය බව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයා ගෙන් හා ඉන්දීය ජාතිකයා ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබිණි..

ශ්‍රී ලාංකිකයා මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය ලබන අප්‍රෙල් 2 වැනිදා යළි කැඳවේ.

 

( තිළිණි ද  සිල්වා )


RECOMMEND POSTS