රුසියාවේ කොරෝනා මරණ 11,000 පනී



රුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 11,000 පසු කර ඇතැයි වාර්තා වේ.

ගතවුණු පැය 24 ඇතුළත මරණ 174 ක් වාර්තා වූ බව රුසියානු සෞඛ්‍ය බලධාරීහු ඊයේ (10) පැවැසූහ.

රුසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 7,13,936 කි. සම්පූර්ණ සුවය ලැබූ ගණන 4,89,068 කි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS